Skip to content

Lyrics

සිංහල
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුරන් කකා බිබී නටන අතර නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන් ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන් කෝටිගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් කිරි මව්ලස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs