Skip to content

Lyrics

සිංහල
Nanda Malani - Chandra madulu yata චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් දූ සනහන්නට ගීත ගයනවලු දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ රන් තැටියට කිරි පැණි පුරවාගෙන හඳහාමී දූ බලන්න එනවලු දුවේ එපා ඒ කතා අහන්නට හඳහාමී කෙලෙසද මෙහි එන්නේ කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ දුවේ එපා ඒ කතා අහන්නට මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු ධීර දුවේ මා බිය නොම වන්නේ සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs