Skip to content

Lyrics

සිංහල
Punchi putha mage iskolegiya පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ මුල්ම දවස අද වේ බුලත් අතක් දී ගුරුතුමියට වැඳ මා තනි කල මොහොතේ මා තනි කල මොහොතේ අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන මතු යම් දවසක වියතෙක් වනු මැන සිතින් පැතුම් පතලා ඔහු පන්තියෙ තියලා මා වෙන්වුණ මොහොතේ පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකයි ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට සෙනෙහස ම හදේ ගිණි ඇවිලෙද්දි පුතු තනි කරලා පන්තියෙ තියලා මල් ගස් යට සෙවණේ පුතුගෙ සුවඳ පවනේ මා තනි වූ මොහොතේ පන්තිය නිම වී පුතු ඇවිදිල්ලා හිනැහෙන දෑසයි ලස්සන මුහුණයි

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs