Skip to content

Lyrics

සිංහල
Nanda Malini - කඩමන්ඩියේ දොළ අයිනේ..(Kadamandiye Dola Ayne) කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතිව සිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී දෑස මොටද සිතු සේ දැක ගන්න බැරී කුසුම මොටද ළංවී රොන්ගන්න බැරී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs