Skip to content

Lyrics

සිංහල
හා හා හහා...හා හා හහා ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ … සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන් පිපී ආමි අරවින්දයක් සේ තඪාගේ In the Back Ground: ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය. දැන් මගේ පරමාර්ථය ඔබය.මගේ පරමාදර්ශය ඔබය. මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය. උදාවූ සුපෙම් දම් නුසුන්වී රැඳේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා In the Back Ground: ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය.මගේ වර්තමානය ඔබය. මගේ උත්තරීතර අනාගතය ද ඔබය.

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs