Skip to content

Lyrics

සිංහල
රන් මලක් ලෙස දෙව් බබුන් දෝතින් පිදූ මේ පින් බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නෙත් පුරා එක හීනයෙ මුළු ලෝකයා නිදනා රෑයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දාර වැද රණ මතින් පෑ විකුම් දැක දෑ බැතින් මිස අත් මුදුන් දෙති පිය වරුන් මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන් හෙළෙ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින් මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නෑසියන් සොයුරන් ඔබෙ අද දූ පුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs