Skip to content

Lyrics

සිංහල
මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා... රැව් නැගේ තුරුණු හඳ බිමේ ජීවිතය අරුත දැන් දැනේ හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා කතාකරයි පියා සල සලා සිහිනෙකින් හරී සිතන්නට බැරී ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරී විමන් නොපතමී යහන් නොසොයමී ඔබගෙ හඳ බිමේ වැතිර සැතපෙමී නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා නින්ද යයි සුවෙන් නිසංසලේ කොකුන් තවරලා සඳුන් මුසුවෙලා සුගන්දය ගලයී සුළගේ විසිරිලා පෙර දී තැනකදී දිනෙක බැදි බැදී හිටිය හැටි සිතෙයි මතෙකෙ ඇඳි ඇඳී ඒ ගැනත් මෙසේමයි ඒ ගිමන් නිවාරේ පෙම් පහන් දිලේ බවෙන් බවේ

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs