Skip to content

Lyrics

සිංහල
Amma Sandaki Mama Lowa Hirya Ridi - T.M Jayarathna අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs