Skip to content

Lyrics

සිංහල
Me Aurin Api Sansare මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වෙන්න ඇතී සාලිය මාලා පෙම්බැඳිදා මං සිටු කුමරෙකුවී ඉන්න ඇතී ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇතී අපරාජිතයැයි ඔබ පිදු ප්‍රේමය පුදසුන මත පරවෙන්න ඇතී සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නෙ නැතී ආත්ම ගනනේ ඔබෙ පය පාමුළ මගෙ කඳුලින් සේදෙන්න ඇතී එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs