Skip to content

Lyrics

සිංහල
Sekku Gedara Mangalika Rohana Beddage සෙක්කු ගෙදර මංගලිකා දීග ගියේ නෑ තාමත් මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා මෙදා අවුරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා මං සද්ද කළත් උඹලා මොකෝ සද්ද නැතුව ඉන්නෙ කියල දොරකඩ කොස් ගහේ ඉදං කොහා අහන්නේ අපි සද්ද කරන්නේ කොහොමද කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳලා බිත්ති කොනේ එල්ලු රබානේ හරි හම්බකරල මේ ගේ දොර හදා ගත්ත මිසක් අපේ සන්තකයට ඉතිරි කරපු කිසිම දෙයක් නැහැ පුතේ උඹට උගන්වන්න උකස් කරපු ගේ දොරත් උගසට සින්න වුණොත් නං අපට යන්න තැනක් නැහැ ගුරු පාර දිගේ පුංචි එවුන් ඉස්කෝලෙට යන එන කොට වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා අහස් යානාවක් ගමට උඩින් ගියොත් එදා නොකා නොබී අම්මා බලා ගත්ත අතේ බලා ඉන්නවා හුස්ම උඩට ඇදෙනවා දෑසින් කඳුළු වැටෙනවා..

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs