Skip to content

Lyrics

සිංහල
මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි උදාරයි උදාරයි ආදරේ මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ උදාරයි උදාරයි උදාරයි ආදරේ මේ ජීවනයේ දෑත දෑතේ බැඳ ඈ ළං වී මට පෑව ආදරේ සනසාලු ලාලන තාලේ දිවි තෙක්ම සිහි කෙරේ ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs