Skip to content

Lyrics

සිංහල
පුන්සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ ලස්සන ඔබෙ මුහුණේ දැක්කම නොවැ මැණිකේ කොයිබද ඔබ යන්නේ මේ උදයම අපෙ ලන්දේ මගෙ පැල්පත පැත්තේ ඔබ සම්පත ගෙන එන්නේ වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි කියමී සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමී ඔබ නිදියන තුරු පැල තුළ ඉඳගෙන නැළවිලි ගී ගයමී උදය සවස මම ඔබෙ පා යුග හිමියෙනි සැමදා වඳිමී නිල් දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමී සඳ ඇති කාලෙට ඔබෙ සුදු අත ගෙන ගංතෙර වෙත දුවමී පලතුරු යුෂ ගෙන මී පැණි දවටා රස කර එය පොවමී කුඹුරට යන්නට පෙර බත ඇඹුල ද සාදා ඔබට දෙමී පුන් සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ නිල් දිය බැස යන්නේ ආසිරි පුද දෙන්නේ මොනරුන් රඟ දෙන්නේ පොඩි කුරුලන් නද දෙන්නේ අප දෙස බලමින්නේ උන් හැමදෙන සැනසෙන්නේ ආ ආ අ ආ ආ ආ අ ආ ආ ආ අ ආ ආ ආ අ ආ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs