Skip to content

Lyrics

සිංහල
බර බාගේ හෙළ ජාතික Artist: .T.FernandoGenre: Golden PopPosted by: Harsha JayamanneLyrics: Karunarathna AbeysekaraMusic: .T.FernandoCut & Paste Transpose + | දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා හිරු දෙවියෝ සිඳු දෙවඟන මුහුණ සිඹින්නා වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා ආදරෙ පෙන්නා සිඹ සනසන්නා මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා එළදෙන පැටියකු ළං කර ඌ ලෙව කන්නා තරුණ ලියක් කවුළුවකින් එබිල බලන්නා ඇගේ ඇඟේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා තරු හිනැහෙන්නා හිරු නොපෙනෙන්නා ඒ අසලින්නා තරුණෙක් යන්නා පෙම් යුවලක් හඳපානේ මුකුළු කරන්නා ඒ අසලම තිබෙන ගසක වැලක් එතෙන්නා උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා පන්සල් එන්නේ නැද්ද අසන්නේ ඒ විලසින්නේ සීනු වැදෙන්නේ + | & || - | | - | | | | | || | || සී.ටී.ප්‍රනාන්දු/.T.FernandoGo to topHarsha Jayamanne

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs