Skip to content

Lyrics

සිංහල
අඹ රුක් සෙවණැල්ලේ මේ රන් ඔන්චිල්ලේ පෙම් ගී ගයමින් පදිනට එන්නේ මා සුර සියුමැලියේ උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා කණ් අග රන් තෝඩු ද ලෙලවාලා සරසවි කුමරි වගේ සුරතල් සොඳුරී මා අග රැජිණී ඔබ මගෙ සුදු සුකුමාලී දුරුතු මහේ මඳ සුළඟේ සැලෙනා අර ලා දඹ අත්තේ ගිරවිය හා ගිරවා එක තුරුළේ ඔන්චිලි පදින ලෙසේ ගෙල වට අත ලා පෙම් ගී ගයලා යමු පදිනට ඔන්චිල්ලා වතුසුදු අරලිය මාලා පළඳා ඔබ සරසමි මැණිකේ නළලේ කොපුලේ දෙතොලේ මී බී මම මත්වෙමි මැණිකේ තුරු වදුලට වී උකුළේ නැළවී අපි ගයමු අමර පෙම් ගී

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs