Skip to content

Lyrics

සිංහල
Katharaka thani vee..(කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී)Mervin Perera කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු... ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs