Skip to content

Lyrics

සිංහල
හිරු පිබිදෙන විට කඳුවැල් අතරින් රැස් දහරක් වී ඔබ එන්නේ නෙත් හරවා මම ඉවත බැලූ විට මල් කැකුලක් වී හිනැහෙන්නේ මාලිනියේ මාලිනියේ මාලිනියේ මා ලාලනියේ ඔබගෙන් වෙන් වී තනිවී ඉන්නට ඇයි මාගේ සිත විමසන්නේ එනමුත් එසේ මා තනිවූ මොහොතක සිතුවිල්ලක් වී ඔබ එන්නේ නිදි යහනේ මා දෙනෙත් වැසූ විට සිහිනෙක දැවටී ඔබ එන්නේ ගීයක පද මැද තනිවූ මොහොතක තනුවක් වී සවනට එන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs