Skip to content

Lyrics

සිංහල
අඩ අඳුරේ මා දෙනෙත් කවුලු හැර අලසව වැතිරී තනි යහනේ ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි මුලු ලොව නිසලව නිදන වෙලේ දහසක් කවි කල්පනා මගේ සිතෙහි හෙමිට පිළිසිඳෙහි තිබේ එක්වී ඔබ සිහිනෙක දැවටී නිනද සමඟ යහනට ඇවිදින් අලුයම බොල්පිණි තැවරී තෙත්වුනු අඳුරේ සීතල සලුව යටින් හොරෙන් හොරෙන් ඔබ යනවිට ඒ හඬ කෙමෙන් බිඳී මට නෑසී යයි නිදිමත පලවා දෙනෙත් කවුලු හැර ඔබ සොයනා මට ඔබ නොපෙනේ දහසක් කවි කල්පනා මගේ සිතෙහි යලිත් පිළිසිඳෙහි තිබේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs