Skip to content

Lyrics

සිංහල
අද දීගෙක අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs