Skip to content

Lyrics

සිංහල
නිර්මලා නම් දැරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා කුළ ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එළා නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන් කළා පන්තියෙ මිතුරන් එදා කළ විහිළුවෙන් හිත රිදුණු දා මා හෙළූ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා යුධ වැදී නෑසියන් බල මුළු අපේ ලොව ගිනි වැදුණුදා මා හෙළූ කඳුළින් තෙමූ සළුපිළි තාම නැහැ වේලිලා දොවා ලන්නට බැරි පීළි ගඳ කහට කුල මල තවරලා මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක දරන්නට බැහැ නිර්මලා එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ හිත පුරා පවතින නිසා හිමි නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියනවා

More by Rohana Baddage

View all songs by Rohana Baddage →

Similar Songs