Skip to content

Lyrics

සිංහල
මේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබෙ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා පියතුම නැති දා ඉඳලා ගියේ නෑ මට තනි කරලා කුසගිනි මට නොම දීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා මව්ගුණ ගී ගයනෙමි මා පැටලී ලෝ මායාවෙන් ගලවා මා අවමානෙන් නුවණැස මගෙ පාදාලා දියුණුවෙ මඟ පෙන්නාලා ලැබුවේ ආශිර්වාදේ දිවි මාවත එළිය වුණේ පියතුම නැති දා ඉඳලා ගියේ නෑ මා තනි කරලා කුසගිනි මට නොම දීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා අම්මේ ඔබ බුදු වේවා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs