Skip to content

Lyrics

සිංහල
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ ප්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs