Skip to content

Lyrics

සිංහල
තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs