Skip to content

Lyrics

සිංහල
Dam Patin La Sanda Basa Yanawa - Gunadasa Kapuge & Malani Bulathsinhala දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි…….. නොදොඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑගෙයි දෑසට ලංව තවත් මේ මොහොතේ ගොළුවී ඉන්නෙමි මම්……….. ගොළුවී ඉන්නෙමි මම් සෙවනැලි නොමැකේ නම් එළිය කළු නොවේ නම් බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකාගන්නයි එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා රෑ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් නෙළුම් පතක ‍රැදි පිණිබිඳුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම් පමාවෙලා හිරු නැගෙන තුරා

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs