Skip to content

Lyrics

සිංහල
දවසක් පැල නැති ‍හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ‍ තෙමුනා අම්මේ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කළුකරගෙන මුහුදු හුළඟ හඬලනකොට ‍ ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ මම එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මම එනතුරු...ඉදිකඩ ළඟ ඉන්නවා...ද අම්මේ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs