Skip to content

Lyrics

සිංහල
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම් හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන් අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම් මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන් පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම් හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන් ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs