Skip to content

Lyrics

සිංහල
මා තොටින් එන උතුරු හුළඟේ ගිණි සිඹින මඩු පල්ලියේ දෑස් අග මුතු කඳුලු හංගන සරෝජා මගෙ දෝණියේ වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්නනද පැංචියේ ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ කරවටේ අත දමා හිනැහුනු කෝ නුඹේ පොඩි යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින් කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින් මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා හඬනා හඬින් මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින් දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතිං වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩින්ගක් හිනැහියන්

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs