Skip to content

Lyrics

සිංහල
Araliya landata...(අරලිය ලන්දට - සඳ පායන කොට තුරුලිය මල් වට - බඹරු බමන විට)Nanda Malini අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිව් සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා එතකොට ගී පද ලියැවෙනවා රඹවන් හේනේ කරල් පැසෙන කොට අඹ මල් ගානේ ගිරව් හඬන විට දොඹ තුරු මානේ සෙවන දකින මට ඔබ ගැන සිහිවෙනවා එතකොට සි ති විලි ඉගිලෙනවා දඬු‍වැල් බෑ මී සුවඳ දැනෙන කොට පඬුවන් අහසේ තරු පායන විට හැඬුමට නොහැකිව දෙඇස වසන මට ඔබ ගැන සිහි‍වෙනවා එතකොට සිහිනය උපදිනවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs