Skip to content

Lyrics

සිංහල
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි - මාතෘ භූමියයි & 2 මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී ඇත්තෙ ඒ අභීත දූ පුතුන්…. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි සින්ධූපමාන වැව් තලා මතින් ඇදී පද්ම රේණුයෙන් සුගන්ධ වී රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි ගංගා තරංග රාව දී රිදී වනින් මල් පිපී කුලින් කුලේ හැපී ගායනා කරන්නේ ආකාශයේ නැගී වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs