Skip to content

Lyrics

සිංහල
මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා කවුළුව අතරින් හිරි පොද එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක්‌ නෑ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහළු වියේ -මා දැන් මහළු වියේ පාරට බැස්‌සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි සිරිපොද වැස්‌සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවළක්‌ යන හැටි මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි මීවිතකින් ගත උණුසුම් වූවත් සිත උණුසුම් වේදෝ එපා එපා මීවිත මගෙ දෙතොලට එපා එපා මීවිත මගෙ දෙතොලට ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs