Skip to content

Lyrics

සිංහල
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.. මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්... තරු අත් අකුරින්... කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.. කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ.. ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ.. එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ... තරු අත් අකුරින්...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs