Skip to content

Lyrics

සිංහල
(සිනා දොළක් වන් සිනාමලී මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී බලා උන්නෙ එනතුරු පෙර වාගේ ඇයි පිට පාරෙම අද... ) පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි නාඳුනනා ලෙස කෝළ බැළුම් නෙත නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ ඇයි හිනා නැතුව අද සිනා දොළක් වන් සිනාමලී.... වදුලු පුරා දං හිඹටු සොයා කෙළිදෙලන් නිදැල්ලේ දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය නූඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ ඇයි කතා නැතුව අද සිනා දොළක් වන් සිනාමලී....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs