Skip to content

Lyrics

සිංහල
සප්ත සයුරෙන් එහා දේශ දේශාන්තරේ සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බදු සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරි අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පරිපුන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල් කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල් දෙන්නී ඇය මව් භූමිය රක්නා රන් මසුරන් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ සළු වියනා රැජිණ දැයේ හිඳුවමි සිංහාසනයේ නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම් එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින් සප්ත සයුරෙන් ....... අම්මා බඳු ..........

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs