Skip to content

Lyrics

සිංහල
ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විළේ හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ නා ගසක් දළු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැල් වැදී සැළෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුනු ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියොළඟම දැවෙනවා සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs