Skip to content

Lyrics

සිංහල
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs