Skip to content

Lyrics

සිංහල
මියුරු කල්පනා නෙතක දැල්වුණා අමයුරු රස හසකැන් මැද හිතක් හිනැහුණා වරෙක නැළවුණා වරෙක ලතැවුණා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා මියුරු කල්පනා... හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි.. කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්... මියුරු කල්පනා... පිනි බිඳකින් මුතු අමුණමි දිනිසුරුගෙන් සීතල දෙමි.. කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්... මියුරු කල්පනා...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs