Skip to content

Lyrics

සිංහල
මේ මුළු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්ට පුංචි තාරකාවක් දැල්වෙන තැන ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්ට සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත එක පැහැයක් මදි ඔබ රුව අඳිනට ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට මේ මුළු අහසම .... සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත එක සිතකින් මේ ගැන සිතිහැකි මට ආදරයට සිත් දහසක් ලොව නැත මේ මුළු අහසම ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs