Skip to content

Lyrics

සිංහල
මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී - දේදුන්නක් උඩු අතට නමා බිඳ මල් උයනක මල් අවුල් කර දමා - ඔබේ පැල්පතට ඔබ දැකගන්නට ආවෙමි වියරු වැටී ඔබ හඞනා හඞ මට ඇසුණේ නැත - ඔබ හිනැහෙන හඞ මට ඇසුණේ නැත ඔබ නිහඞව සිටිනා හඞ පමණක් - සවන් යොමා සිටි මට ඇසුණා ඔබේ නිහඞ බව මා සිත කළඹයි හිනැහෙනු මැන හසරැළි අතුරා වත - හඞනු මැනවි නැතිවම් පොඟවා නෙත ඔබ නිහඬව සිටිනා විට මගෙ සිත - මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත ඔබේ නිහඞ බව මා සිත කළඹයි

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs