Skip to content

Lyrics

සිංහල
මගේ ගෙටත් උඩ ඔබේ මගේ ගෙටත් උඩ කැළුම් දිදුළවන සරා සුපුන් සඳ එක වහලක් යට එකම දකින්නට පූරුවේ කළ පින් මහිම කියන්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා... කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ ජීවිතයට ඔබ අළුතින් එක් වී මා ජිවිත් කර සතුට ගෙනාවේ ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා... කිළිටි මගේ අත ඔබට සුදුසු නැත එබැවින් වෙනතක බැඳුනද කම් නැත එනමුදු මෙලොවෙහි නැවත උපන් කළ ඒ අත් භවයෙන් එළිය දකින්නට ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs