Skip to content

Lyrics

සිංහල
මා තනි කුටියේ මගේම මනසේ ඇගේ සුවඳ බිඳු තවරා ඈතක නොඑනා ගමන් ගියාදෝ සුළං රොදේ සුළං රොදේ ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ දුක්ගිනි පීඩා සිතින් දරාගෙන සිතේ වියෝගිනි කතරක් වූ සඳ ඔබත් නොයනු මැන මා හැරදා සුළං රොදේ සුළං රොදේ මා තනි කුටියේ .... ඇගේ මගේ දුක් ප්‍රේම විරහා ගී අනන්තයේ කඳු අතරේ සඟවා මගෙන් වියෝවු ආගේ ලෝකයට ඔබත් නොයනු මැන මා හැරදා සුළං රොදේ සුළං රොදේ මා තනි කුටියේ ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs