Skip to content

Lyrics

සිංහල
කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි අව්කන බුදු පිළිම වහන්සේ නිසල නෙතින් බැලුම්හෙළා - නිහඬ මුවින් බණක් කියයි අව්කන බුදු පිළම වහන්සේ ප්‍රඥාවේ යුග නගුලෙන් ලොවේ කෙතෙත් සී සෑවා ශ්‍රද්ධාවේ බිජු වටයෙන් විමුක්තියේ ඵල නෙළුවා කසී බමුණා මේ ගොවිතැන බුදුන් අතින් ඉටු කෙරුණා එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා දිවා එළියෙ දියඹ වෙතින් - නැගෙන කිරණ විහිද වඳී අව්කන බුදු පිළිම වහන්සේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs