Skip to content

Lyrics

සිංහල
ඊළඟ භවයේ හමුවන්නේ අපි කොහොමද කොතැනද කවුරු ලෙසේ හඳුනාගන්නේ කෙලෙසද අපි අපෙ සතුරන් මිතුරන් නෑදැයෝ... මේ භවයෙත් එය වටහා ගනු බැරි වී අපි අප ඇසුරෙහි පසුවන්නේ... එනමුත් සේරම විහාරමළුවෙදි එක පහනෙහි තෙල් පුරවන්නේ... ඊළඟ භවයේ හමුවන්නේ අපි ... අපි අප කවුදැයි යළි උපදින දා හිරු සඳු පමණද ළඟ ඉන්නේ... කුල මල ආගම් බෙදී බිඳි ගොස් ඇයි මිතුරනි සතුරන් වෙන්නේ... ඊළඟ භවයේ හමුවන්නේ අපි...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs