Skip to content

Lyrics

සිංහල
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ පිය ළඳුනේ - නුඹ නිසාය කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි කැලේ පුරා ලතා ලපළු තරුවැල් පෙම් කෙළිනු දුටිමි එවන් දසුන් මා දුටුවේ පිය ළඳුනේ - නුඹ නිසාය උනුන් හඹා දුවන පනින සමනළ පෙම්වතුන් දුටිමි රැලෙන් වෙන්ව පිනා යන ආදරවන්තයින් දුටිමි එවන් දසුන් මා දුටුවේ පිය ළඳුනේ - නුඹ නිසාය

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs