Skip to content

Lyrics

සිංහල
(හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්... ) වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදෙයි කතා නැතිව අනන්තයට ඉගිළ යමි කෙසේ...... හිත මිතුරු සුළඟ..../ අප සමු ගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළාබඳේ කඩ ඉමෙන් එහා..... හිත මිතුරු සුළඟ....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs