Skip to content

Lyrics

සිංහල
රන් කිරිල්ලියේ පියා සලාලා යමු අලුත් නවාතැනක් සොයාලා සුමිහිරි ගීත ගයාලා අරුමැති සිහින මවාලා ඉමු වනන්තරේ කූඩු සදාලා රන් කිරිල්ලියේ පියා සලාලා බැද්දෙන් රස පළතුරු නෙලා ගෙනෙන්නම් හිම අරණක තනිවී සිහිල විඳින්නම් විල්ලුද යහන් සදාලා ඔබ ඒ මත සතපන්නම් විල්ලුද යහන් සදාලා ඔබ ඒ මත සතපන්නම් සීතල දුරුතු මහේ කැදැල්ලට වෙලා ලස්සණ කතා කියමි ඔබව සනසලා පෙම්බර කිරිල්ලී ඔයා යන්නට එපා මා දමා පෙම්බර කිරිල්ලී ඔයා යන්නට එපා මා දමා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs