Skip to content

Lyrics

සිංහල
එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ දෙමට කැලෙන් දර අහුලානෙන එනවා දෙවට ලිඳෙන් කලයට දිය ගෙන එනවා ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා පාළු කුඹුර උඹ හින්දම වපුරනවා මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා පැදුරු වියා ලස්සණ රටා මවනවා අඳුර මකා හවසට හඳ පායනවා සොඳුර නිසා ගමටම කිරි උතුරනවා ප්‍රිය සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs