Skip to content

Lyrics

සිංහල
ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ පෙතං කැලේ වළිකුකුළෝ මට පෙනි පෙනී නටනවා අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs