Skip to content

Lyrics

සිංහල
Kap Suwahas Kal Perum Puragena__ Nanda Malini කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සළකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා සත් සමුදුරු තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා නොනිමෙන ගමනක ආශා පොදි බැඳ මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ ඔබව සොයා ආවා ඔබව සොයා ආවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs