Skip to content

Lyrics

සිංහල
දන්සැල් දොරෙහි නැත යදියෝ සල්පිල්වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි.... නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැක ලේ බිඳුවක් නොමළොත් මකුණෙක් මදුරුවෙක් මල බැඳුනු ගිනිදණ්ඩේ දැල් බදිත් මකුළු සේනා වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරුවති අහෝ රතිඤ්ඤා මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා.... දස රද දම් නිමිති පැවතී නර පති ඇමති වඩන රුතී සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි..... රැකෙයි අකුරට නීතිය -දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වී ඇත -නැත අක්රමිකතා වැඩෙයි සුහදතා-සුන්දරතා-සුවතා අහෝ සැපයි සැපයි - මෙපුර විසුමනම් මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා..... කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි..... නැත මුදලේ වටිනාකම් බුහුමන් කරත් ශිල්ප ශාස්ත්‍රයටම නැත පවුල්වාද- පිල් බේද,-කුල වාද- දෑ වාද නැත බදු බර-පවුල් බර- ජීවන බර මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා… දන්සැල් දොරෙහි …

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...