Skip to content

Lyrics

සිංහල
Nanda Malini/ Ayanna kiyanna / අයන්න කියන්න අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ සිත දිනමින් පා හෙවණේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරිසරන්න එන්න මගේ මල්ලී එන්න මගේ නංගී කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙන යති රහසේ පොතින් පතින් ලද දැණුමේ ධනය සදාකල් සුරැකේ ඥානය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ මල්ලී එන්න මගේ නංගී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs