Skip to content

Lyrics

සිංහල
මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මඟ බලා උනිමි මම ඇයි තව නාවේ දයා උදේ රැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා මගේ පැතුම් හඳේ සිතුම් එදා සුසුම් වී සිඳිලා ගියා හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය ආදර ලොව අප බිඳිලා ගියා ඔබේ සිනා නෙතින් ගෙනා මගේ හඳේ තුරුලට ගනිමි මගේ ලොවේ සැදු සුවේ සසර වසන තුරු මම රකිමි හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය ආදර ලොව අප බිඳිලා ගියා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs